Wednesday, August 3, 2011

Dimension - මාන


පිවිසුම

Dimension of a Space / Object informally defined as the minimum number of coordinates needed to specify each point within it. [WikiPedia]

දැන් අපිට තේරෙන බාසාවකින් මේ කතාව කරමු.
අපිට ගෝචර වෙන්නේ ත්‍රිමානයක්. මොකාද්ද මේ ත්‍රිමානේ?
දිග, පළල, උස.
අපිට මිනිස්සු විදියට මේ තුනම මනින්න පුළුවන්. අපිට මේ මාන තුනේම ගමන් කරන්න පුළුවන්.
අපිට ගෝචර වෙන එත අපිට ගමන් අක්රන්න බැරි, එත අපිව අරගෙන යන මානයක් විදියට කාලය සැලකෙනවා.


මාන ගැන ටිකක් පැහැදිලි කලොත්,
In to the Dimensions

ලක්ෂයක් සලකමු. ලක්ෂය මාන නැති විදියටි ගන්නේ. ඉරක් ගත්තොත් ඒක ඒක මානයක් විදියට සලකන්න පුළුවන්. කොටුවක් ගතහොත් ද්වි-මානයක් තියෙනව. ගණකයක් ගතහොත් ත්‍රිමානයක්‌.
මේ විදියට ඕන තරමක් මාන තියෙන්න පුළුවන්.
මම කියන්න උත්සහ කරන්නේ මාන ගැන මට දැනෙන විදිය. මේක කොහෙත්ම හරි විදිය නොවෙන්න පුළුවන්.  නිදහස් අදහස් ප්‍රකාශ කිරීමක් සහ තවත් මං වගේ හිතන අය ඉන්නවද බලන්න මගේ අදහස මේ විදියට බ්ලොග් එකේ ලිව්වා.


මාන ගැන කියද්දී කෙලින්ම මගේ හිත් ගත්ත වඩා සටහනක් තමා “Flat Land”. ඒක අනිමටෙඩ් එකක්. කතාවේ තියෙනවා ලෝක තුනක් , ඉරි විතරක් තියෙන ලෝකයක්, කොටු සහ හැඩතල තියෙන ද්විමාන ලෝකයක් සහ ත්‍රිමාණ ලෝකයක්. මේ තුනට අමතරව අවසානයේදී  “x” dimension වලින් ත්‍රිමාණ ලෝකය ආක්‍රමණය කිරීමක් අන්තිමේදී වෙනවා. ඒ වැඩ සටහන මන අගන අවබෝදයක් ගන්න ඉතාමත් හොද එකක්.
 
තවත් මාන ගැන ඉතා සුක්ෂම විදියට කතා කල animation එකක් තමා “Horton hears a Who”. කැමති කෙනෙකුට මේ දෙකම බලන්න මං මේ වැඩසටහන් කිසිදු අයකිරීමකින් තොරව download කරන්න share කරන්නම්.
මේ ලිපියේ මැදදී නැවතත් මෙම වැඩසහන් වල කරුණු ගෙන හැර දක්වන්න බලාපොරොත්තු වෙනවා.


මාන - අපේ ලෝකය - පිට සක්වල ජීවීන්- ඇසට නොපෙනන සහ ගෝචර නොවෙන ලෝක.
Diemsions – Alien and worlds that not sense to human

 
මුලින් කිව්වා වගේ අපිට දැනෙන්නේ , ගෝචර වෙන්නේ ත්‍රිමාණ යක්. අපි සරලව හිතුවොත් ක්ෂුද්‍රජීවීන්. වචනයේ හැටියට ඔවුනුත් ජීවි කොට්ටාශයක්. ක්ෂුද්‍ර ජීවි ක් ගේ ලෝකේ, නැත්නම් ඇමීබා කෙනෙක් ගේ ලෝකේ ගත්තොත් මොන වගේ වේද? මේ කොටසට ගෝචර වෙන්නේ බොහොම සිමා සහිත ප්‍රමානයක්. ඔවුන්ට කවදාවත් අපිව දැනෙන්නේ නෑ. අනිත් අතට ගතහොත්, ඒ ලෝකේ ඇතුලේ අර්ථ දක්වන වෙන යම් මානත් තියෙන්න පුළුවන්.
පැහැදිලිවිම මේ තර්කය ඔස්සේ කතා කලොත් අපේ පල වෙනි අර්ථ දැක්වීම එතරම් ගැලපෙන්නේ නෑ කියල හිතෙනවා.
අපේ ලෝකේ ගැන විටරක්‌ හිතුවත් අපිට ගෝචර නොවෙන මාන කොපමණක් තියෙන්න පුලුවන්ද? එක හිත ගන්න අමාරුයි.
අපි දෙවියන් ගැන කතා කරනවා. සහතික වශයෙන්ම ඔවුන් ජීවි කොට්ටාශයක්. “ජීවි” කිව්වාම අපි ට දනෙනම විදියේ ජිවයක්‌ වෙන්න අවශ්‍යම නෑ. අපි ජීවියෙක් කිව්වාම, රුපයක්, හැඩ තල, පන, අහර ගැනීම, හුස්ම ගැනීම වගේ දේවල් දකින්නේ. ඒ අපිට ගෝචර වෙන මානයන් නිසා. එය එසේම විය යුතුම නෑ. අපේ ලෝකෙම දෙවියන් යනුවෙන් අප විසින් හදුන්වන ලබන ජීවින් අපට ගෝචර නොවෙන මානයක සිටිනං පුළුවන්.
අපේ ලෝකෙන් පිටටත් තවත් ජීවි කොට්ටාශ අපිට දැනෙන්නේ නැති මාන වල ඉන් පුළුවන්. සමහර විට අපේම සුර්යක්ග්‍රහ මණ්ඩලේ අප විසින් ජීවින් නැත කියන ග්‍රහ ලෝක වල අපිට නොදැනෙන මානයක, ගෝචර නොවෙන ජීවි පද්දතියක් ඉන්න පුළුවන්.
මේ බව බුද්ධාගමේ පැහැදිලිව සදහන් වෙනවා. ඒත් දැනට මේ  කරුණු ආගමික පසුබිමක් නැතිව නිදහස් විදියට ලියන මං බලාපොරොත්තු වෙනව. බුද්ධාගම , ජීවින්  සහ මාන ගැන මං වෙනම අවසානයේ සදහන් කරන්නම්.
පිට සක්වල ගැන කතා කරද්දී , පැහැදිලිවම අපට අපගේ සුරග්‍රහ මණ්ඩලෙන් එහාට යන්න බෑ. මං එහෙම කියන්නේ , අපේ ශරීරය කියන සිමාවේ ඉදන් අපිට කරන්න පුළුවන් වැඩ වල සීමාවක් තියෙනව. ආලෝකේ වේගෙන් ගියත් අපිට ඊලගටම තියෙන සුර්යක්ග්‍රහ මණ්ඩලේට යන්න අවුරුදු කියක් නම ඕනද? එත අපේ ශරීරයත් එක්ක ආලෝකේ වේගෙන් යන්න බෑනේ. ආලෝකේ වේගෙන් යන්න බෑ ස්කන්දයක් තියා ගෙන. එත අපිට ඒ සිමාව ජය ගන්න පුළුවන් විදියක් තියෙනව. මට හිතෙන විදියට මනස, නැත්නම් හිත දියුණු කලොත්, මනස ආශ්‍රයෙන් ඒ සිමවල් ජය ගන්න පුළුවන්. මං හිතන විදියට මනස එහෙමත් නැත්නම් හිතට අපිට දැනට ගෝචර නොවෙන සමහරක් මාන සමග එකතු වෙන්න පුළුවන් කමක් තියෙන්න පුළුවන්.


මනස - මානසික තරංග - මාන සහ වෙනත් ජීවීන්.
Mind / inner conscious vs. Dimensions and Life forms

මනස උපයෝගී කලොත් අප වටා ඇති අපිට නොදැනෙන ලෝකය උනත් අනාවරණය කර ගන්න පුළුවන් වෙය් කියල මට හිතෙනවා.
එකතරා මානයක් විදියට මට හිතෙනවා තරංග. සමහරක් තරන්ගමය ස්වභාවයක් ඇති ජීවීන් සිතිත් නම මනසට කෙලින්ම ඔව්න් හා සමග සනිවේදනය කල හැකි වෙය්.
මනසට හෝ මනස් තරංග වලට ස්කන්දයක් නැති නිසාත් අපේ ශරීරය හා පවතින අප දන්නා විද්‍යාව එම මනයේදී නිශේදනය වන නිසාත් ඒ මගින් අපිට වෙන සක්වල ගමන කිරීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. තව දුරටත් , මනසට පුළුවන් කමක් තියේවි අපේ පියවි දෑසට නොපෙනෙන ජීවීන් දැක ගන්න. දෙවිවරු , බුත, හෝ අපේ පියවි ඇසට ගෝචර නොවෙන සත්ව කොට්ටාශ එක්ක සනිවේදනය කරන්න මනස ආශ්‍රයෙන් පුළුවන් වෙන්න ඕන.

No comments:

Post a Comment